1972 මැයි මස 22 වන දින නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වී ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බවට පත්වීම සනිටුහන් කරමින් ජනරජ මහ විදුහල නමින් ස්ථාපිත කරන ලද මෙම විදුහලේ ඉතිහාසය ය වසර 40ක් දක්වා ඇතට දිවෙයි.
මෙම පාසල මුලින්ම ආරම්භ කරන ලද්දේ වත්මන් පාසලට 50m ක් පමණ දුරින් කටුගස්තොට දිශාවේ පිහිටා තිබූ කඩ සාප්පුවේ මොහොමඩ් මහතාට අයත් දර මඩුවේ 1962 පෙබරවාරි මස 2 වැනිදා සිසුන් 32 දෙනෙකුගෙනි. මෙහි ගුරුවරුන් ලෙස ඩබ්.බී.ඒකනායක හා කේ.ජි.ජේ. මහින්දසේන යන මහත්වරුන් සම්මුඛ පරික්ෂණයකින් තෝරා ගන්නා ලදි. මෙහි විදුහල්පති ලෙස ඩබ්.බී.එකනායක මහතාම පත් විය.
රණවන ගමට සිප්හලක් අවශ්‍ය යන යෝජනාව 1961 රණවන ග්‍රාම සංවර්ධන සමිතියේදි සාකච්ඡා වු අතර එහි අනුශාසක ලෙස රණවන විහාරධිපති හුරිගස්වැවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේත් සභාපති ලෙස වීරකෝන් හා එම්.කරුණාරත්න මහතාත් ලේකම් ලෙස ඒ.සී.බී.රාජගුරු මහතාත් මුලසුන හොබවන ලදි. මෙම සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කේ.බී.රණතුංග , එම්.බී.රණවන , එම්.බී.අබේකෝන් , එස්.බී.අබේකෝන් , එල්.බී.හේරත් , සිරිල් රණතුංග හා එල්.බී.අබේකෝන් යන මහත්වරුන් කටයුතු කර ඇත. මොවුන්ගේ උත්සාහයෙන් රණවන ගමට සිප්හලක් යන යෝජනාව ක්‍රියාවට නැගිම ඇරඹුණි.
මේ සදහා ඉඩමක් අවශ්‍ය වූ බැවින් එම්.එස්.පෙරේරා මහතාට අයත් ඉඩම වඩාත් සුදුසු යයි යෝජනා වූ අතර එම ඉඩම රජයට පවරා ගන්නා ලදි.දැනට ඇති ප්‍රධාන ශාලාව වන ගජබා ශාලාව 1972 වසරේදි එවකට කම්කරු නියෝජ්‍ය ඇමති හේමචන්ද්‍ර සිරිසේන මැතිතුමා හා එ.සී.එස්.හමීඩ් මහතා අතින් විවෘත කිරීමෙන් පසු 1972.05.22 දින ජනරජ දිනය නිමිත්තෙන් පිරිත් දේශනයක් ද පවත්වා පස්වරු 12.43ට යෙදුනු සුභ මොහොතින් ළමුන් 20කට අකුරු කියවා ජනරජ කණිටු විදුහල ලෙස ස්ථාපනය විය. මෙහි මුල් ගුරු තනතුර හොබවන ලද්දේ ඩී.ඩ්බ්.කන්නන්ගර මහතාය. ඔහු වැඩ භාරගන්නා ලද්දෙ 1972.05.05 වන දිනය. ඉන්පසු 1975.01.01 දින එච්.වෙලමැදගේ මහතා විදුහල්පති තනතුරේ වැඩ භාරගන්න ලදුව, ඔහු අවුරුදු 08 යි මාස 2ක් විදුහලේ සේවය කරන ලදි. මෙකල අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරේ සිටි ආර්.එම්.බී.කරුණාරත්න මහතා පාසලේ දියුණුවට මහගු සේවයක් කල අතර අංක 2 හා 3 යන තනි හා දෙමහල් ගොඩනැගිලි ඉදි කරන ලදි. ප්‍රාථමික පංතිවල සිටි 5 වසර දක්වා පන්ති සංඛ්‍යාව වැඩි විය. 1980 වසරේදි උසස් පෙල කලා අංශයෙන් පංති ආරම්භ වීමත් සමග එම විදුහල මහා විද්‍යාලයක් බවට පත් විය. උසස් පෙළට ඉගැන්වීමට උපාධිධාරී ගුරුවරුන් ලෙස සී.කේ.උඩුවාවල , සුමනා අබේරත්න යන ගුරු මහත්මීන් ද අස්ගිරි මහා විහාරයේ ගොඩගම මංගල හිමිද පත් විය.





