විදුහල්පති පණිවිඩය
W.W.ජයතිලක බණ්ඩා
මධ්‍යම පළාතේ , මහනුවර දිස්ත්‍රික්කයේ , කටුගස්තොට අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ජනරජ මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන පාසලකි. සිසු දරු දැරියන්ගෙ පෞරෂය ගොඩනැගීම උදෙසා බාහිර ක්‍රියාකාරකම් රැසකින් සමන්විත අප පාසල කලාප , පළත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණය රාශියකට උරුමකම් කියනු ලබයි. එමෙන්ම 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය , අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය යන ජාතික විභාගයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල අත් කරගෙන ඇති බව සතුටින් දන්වමි.
අප පාසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන සුබපතන්නම් හා අනෙකුත් භාහිර පාරිශවයන් සමග අන්තර් සබඳතා ගොඩනගා ගැනීමටත් අදහස් හුවමාරු කරගැනීමටත් මෙම වෙබ් අඩවිය භාවිත කරන ලෙස ඔබ සැමට ඇරයුම් කර සිටිමි
මානව හා භෞතික කලමනාකාරණය තුළින් පිරිපුන් විශ්ව දරුවන් දැයට දායාද කිරිමට අප සැමට හැකි වේවා..!
W.W.ජයතිලක බණ්ඩා
විදුහල්පති
ජනරජ මහා විද්‍යාලය.





